

රාජ්‍ය නිලධාරීන්ගේ සුපිළිපන්නභාවය තහවුරු කරමින්, අල්ලස් හා දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කිරීමේ රජයේ ප්‍රධානතම අරමුණින්, 2025 පෙබරවාරි 18 දිනැති PS/SB/Circular/2/2025 අංක චක්‍රලේඛය පරිදි, කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකයක් (IAU) මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ විධිමත් ලෙස ස්ථාපිත කර ඇත.
අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධාන අරමුණු සෑම රාජ්‍ය ආයතනයකම පිහිටුවනු ලබන මෙම ඒකකය මගින් පහත අරමුණු ඉටු කර ගැනීමට අපේක්ෂා කෙරේ:
- සුපිළිපන්න සංස්කෘතියක්: ආයතනය තුළ දූෂණය වැළැක්වීම සහ සුපිළිපන්න (යහපත්/ගුණාත්මක) සංස්කෘතික වටිනාකම් වර්ධනය කිරීම.
- විනිවිදභාවය: ආයතනයේ සියලුම ක්‍රියාකාරකම්වල විනිවිදභාවය හා වගවීම සහතික කිරීම මෙන්ම තොරතුරු වෙත මහජන ප්‍රවේශය පහසු කිරීම.
- යහපාලනය: ආයතනය තුළ සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කිරීම.
- තොරතුරුකරුවන් ආරක්ෂා කිරීම: දූෂණ හෝ වැරදි ක්‍රියා පෙන්වා දෙන තොරතුරුකරුවන්, සාක්ෂිකරුවන් සහ වින්දිතයන් ආරක්ෂා කිරීම සඳහා රහස්‍යභාවය සුරකින ආරක්ෂිත ක්‍රමවේදයක් සැකසීම.
- විමර්ශන සහය: නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම.

මුළු මහත් ලෝකයටම සාමයේ පණිවිඩය ගෙන යන ජාත්‍යන්තර සාම පාද යාත්‍රාවෙහි තුන්වන දිනය වූ 2026.04.24 දින ආරම්භ වූයේ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදීය. ඉන් අනතුරුව අද පස්වරුවේදී පහළ කඩුගන්නාවෙන් සබරගමු පළාතට ගෞරවනීය මහා සංඝරත්නය වැඩම කරවීම සිදු කෙරුණු අතර කෑගල්ල දිස්ත්‍රික්කයට මෙම මහා සංඝරත්නය පිළිගැනීම සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් ,කෑගල්ල දිස්ත්‍රික්කයේ වැඩ බලන දිස්ත්‍රික් ලේකම්තුමිය , මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරින් ඇතුළු ප්‍රදේශවාසීන් සහභාගීත්වයෙන් සිදුකෙරිණි.
The mobile service organized by the Mawanella Divisional Secretariat and the Jamathe Mawanella Social Service Organization at the Rankothdiwala Mosque on 04.06.2025 was successfully concluded and commenced under the patronage of the Mawanella Divisional Secretary. It was concluded with a large participation of the people from Rankothdiwala, Hingul Oya, Mawana, Kiringadeniya, Muruthawala, Mahawatta, Mawanella, Uyanwatta, Habbunkaduwa, Beligammana, and Gondiwala divisions.










Page 1 of 2















