iau poster H6V9UIMG 20261021 WA0002

රාජ්‍ය නිලධාරීන්ගේ සුපිළිපන්නභාවය තහවුරු කරමින්, අල්ලස් හා දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කිරීමේ රජයේ ප්‍රධානතම අරමුණින්, 2025 පෙබරවාරි 18 දිනැති PS/SB/Circular/2/2025 අංක චක්‍රලේඛය පරිදි, කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකයක් (IAU) මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ විධිමත් ලෙස ස්ථාපිත කර ඇත.

අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධාන අරමුණු සෑම රාජ්‍ය ආයතනයකම පිහිටුවනු ලබන මෙම ඒකකය මගින් පහත අරමුණු ඉටු කර ගැනීමට අපේක්ෂා කෙරේ:

  1.  සුපිළිපන්න සංස්කෘතියක්: ආයතනය තුළ දූෂණය වැළැක්වීම සහ සුපිළිපන්න (යහපත්/ගුණාත්මක) සංස්කෘතික වටිනාකම් වර්ධනය කිරීම.
  2.  විනිවිදභාවය: ආයතනයේ සියලුම ක්‍රියාකාරකම්වල විනිවිදභාවය හා වගවීම සහතික කිරීම මෙන්ම තොරතුරු වෙත මහජන ප්‍රවේශය පහසු කිරීම.
  3.  යහපාලනය: ආයතනය තුළ සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කිරීම.
  4.  තොරතුරුකරුවන් ආරක්ෂා කිරීම: දූෂණ හෝ වැරදි ක්‍රියා පෙන්වා දෙන තොරතුරුකරුවන්, සාක්ෂිකරුවන් සහ වින්දිතයන් ආරක්ෂා කිරීම සඳහා රහස්‍යභාවය සුරකින ආරක්ෂිත ක්‍රමවේදයක් සැකසීම.
  5.  විමර්ශන සහය: නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම.

 

 

News & Events

16
அக்2026
Internal Affairs Unit

Internal Affairs Unit

රාජ්‍ය නිලධාරීන්ගේ සුපිළිපන්නභාවය තහවුරු කරමින්, අල්ලස් හා...

குடியுரிமை சாசனம்

Scroll To Top